Life
ලෙඩ අඩු කරන ව්‍යායාම
නිතිපතා ඇඟ වෙහෙස කරන ව්‍යායාම හෙවත් ශාරීරික ක්‍රියාකාරකම් අප සියලු දෙනාගේම සිරුරේ නිරෝගීතාව රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.
කය වෙහෙසීමක් නොකෙරෙන රැකියාවන්හි යෙදෙන බොහෝ දෙනකු තරුණවිය ඉක්මවා යාමට පෙරදීම සිරුරේ බර වැඩිවීම හේතුවෙන් තරබාරු බවට (ස්ථුලතාව) පත්වීමෙන් විවිධාකාර ගැටලුවලට මුහුණ දේ.
සිරුරේ පේශිවල ශක්තිය රැක ගැනීම සඳහා ව්‍යායාම හෙවත් ශාරීරික ක්‍රියාකාරකම් අත්‍යවශ්‍යයෙන් කළ යුතුවේ.
මුහුණේ අත්පාවල මෙන්ම උදරයේ ද අනවශ්‍ය තරමින් මේද තැන්පත් වීම කෙනෙකුට තම වයසට වඩා වයස්ගත වයෝවෘද්ධ පෙනුමක් ගෙන දෙන සාධකයකි.
සිරුරට අවශ්‍ය ව්‍යායාම දිනපතා කළ යුතුය. මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාමවල විනාඩි 30ක් නිතර විය යුතු අතර, එමගින් ප්‍රධාන බෝ නොවෙන රෝග, එනම් හෘදයබාධ, අඝාතය, අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ ඇතැම් පිළිකා වළක්වා ගත හැක.
කය නොවෙහෙසා සිටීම හේතුවෙන් ඇතිවන ගැටලු
ක්‍රියාශීලී නොවන දිවි පැවැත්ම නිසා සිරුරේ බර ප්‍රමාණය වැඩිවේ
කය නොවෙහෙසන දිවි පැවැත්ම සහ මේද අධික ආහාර සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන් ව්‍යාකූල කරයි. ඒ මගින් රුධිර සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවයි. එය තරබාරුකම ඇති කරන අතර එය රෝග කාරක අවදානම් සාධකයක් මෙන්ම රෝගයක් ද වේ.
තරබාරුකම (ස්ථුලතාව) හදවත් ආශ්රිත රෝග ඇති කරයි
ස්ථුලතාව පුද්ගලයකුට හදවත් හා රුධිර නාළ ආශ්රිත රෝග ගණනාවක් ළඟාකර දෙයි. එය අධික රුධිර පීඩනය සමග ද අත්වැල් බැඳගනී. ස්ථුලතාව සහිත පුද්ගලයන්ට මහා අන්ත්‍රයේ හා ගුද මාර්ගයේ පිළිකා වැනි රෝග වැලඳීමට ඇති හැකියාව වැඩි කරයි.
ස්ථුලතාව ඔබේ ජීවිතය කෙටි කරයි
අධික ලෙස සිරුරේ බර වැඩි පුද්ගලයන් කලින් මිය යාමේ ප්‍රවණතාවක් ඇත. බර අධික පුද්ගලයන් රුධිර වාහිණී ආශ්රිත රෝග, දියවැඩියාව, වකුගඩු ආබාධ, සන්ධි ආබාධ, මූත්‍රාශයේ ආබාධ වැනි රෝගවලට වැඩියෙන් භාජනය වන අතර වෙහෙසට පත්වීම, නිතර පවතින හිසරදය ආදිය ඔවුන් අතර සුලබය. එහි ප්‍රතිඵල ලෙස රෝගීවන අනුපාතය මෙන්ම මිය යාමේ ප්රවාණතාවද ස්ථුලතාව සහිත පුද්ගලයන් අතර ඉහළ අගයක් ගනී.
ස්ථුලතාව ජීවන තත්ත්වය හා ස්වයං අභිමානය කෙරෙහි බලපායි
ස්ථුලතාව ශ්වසන ක්‍රියාවලිය හීන කරයි. බර අධික පුද්ගලයන් කාංසාව, නින්දේදී ශ්වසනය අවහිරවීම, අධික රුධිර පීඩනය ආදියෙන් නිතර පෙළෙන අතර සමාජීය ගැටලු, මානසික අවපීඩනය හා ආත්ම අභිමානය හීන වීම ඔවුන් අතර සුලබය.
දිනපතා ශාරීරික ව්‍යායාම කිරීම ඉතා වැදගත් ව්‍යයාමවල යෙදීම යනු සිරුරේ ශක්තිය වැයවන (කැලරි ප්‍රමාණයක් දහනය වන) ඕනෑම ක්‍රියාවලියකි. ඔබ කඩිසරව ක්‍රීඩාවක යෙදෙන විට, නිවස පිරිසිදු කිරීමේ වැඩකටයුතුවල යෙදෙන විට හෝ පඩිපෙළක් නගින විට ව්‍යායාමයේ යෙදෙති.
ව්‍යායාමයේ යෙදීම සිරුර තුළ රුධිර ධාවනය වඩා හොඳින් සිදුවීමට උදව්වන අතර, එමෙන්ම සිරුරේ කොලොස්ටරෝල් යහපත් මට්ටමකට ගෙන ඒමට උපකාරී වේ.
ඇඟ වෙහෙසවා සිදුකරන ශාරීරික ක්‍රියකාරකම් ඔබව තරබාරු බවින් මුදවා ගන්නා අතර ඒ හා අදාළ සෞඛ්‍ය ගැටලු රාශියකින් අත්මිදීමට ඔබට උපකාරි වේ.
ව්‍යායාම (ශාරීරික ක්‍රියාකාරකම්)
දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් කළ යුතු අතර දිනකට විනාඩි 30ක් වත් කළ යුතුය.
ඔබට ගැළපෙන ප්‍රියමනාප පරිදි නිතිපතා යෙදිය හැකි ක්‍රියාකාරකම් ඔබ තෝරා ගත යුතුය.
ඇවිදීම
සියළු වයස් කාණ්ඩයන්ට සුදුසු වන ව්‍යායාමයකි.
එහෙත් ඇවිදීමෙහි නිසි ප්‍රතිඵල ලැබිමට නම් තරමක් වේගවත්ව දෑත් හැකි තරම් ඉදිරියට හා පසුපසට ගසා දමමින් ඇවිදිය යුතුය.
වයස්ගත අයට සාමාන්‍ය වේගයෙන් ඇවිදීම වුවද ප්‍රමාණවත් වන අතර නිරන්තරයෙන් ඉහළ නැගීමක් සහිත ඇවිදීම එතරම් සුදුසු නොවේ.
එමෙන්ම වයස්ගත අයට අධික ලෙස කය වෙහෙසට පත්වූ පසුව තවදුරටත් ඇවිදීම සුදුසු නොවේ.
පිම්මේ දිවීම (Jogging)
ඉතාමත් ප්රශස්ත මට්ටමේ ව්‍යායාම
පැනීම (Skipping)
ළමා හා තරුණ අයට වඩාත් සුදුසු හොඳ ව්‍යායාමයකි.
සයිකල් පැදීම
සියලු වයස් කාණ්ඩවලට සුදුසු වේ. වඩා වයස්ගත අයට අධික වශයෙන් මෙම ප්රතිරෝධයට එරෙහිව පැදීම ද සුදුසු නැත.
පිහිනීම
ආරක්ෂා සහිත ලෙස යෙදිය හැකි නම් ඉතා ප්‍රශස්ථ ව්‍යායාමයකි.
ව්‍යායාම නිසා ඔබට ඇතිවන වාසි බොහෝය
* නීරෝගිමත් හදවතක්
* පිරිසිදු පෙනහළු
* ශක්තිමත් අස්ථි
* මානසික ආතතියෙන් තොරවීම
ඔබේ දරුවන්, නෑදෑයින් සහ යහළුවන් සමග යහපත් ජීවන රටාවක් කරා පිය නැගීම සඳහා ව්‍යායාමයේ යෙදීමට අදිටන් කරගන්න. පළමුව දිනකට විනාඩි කිහිපයක් හෝ ව්‍යායාමයේ යෙදී විනාඩි 30 දක්වා එය ක්‍රමයෙන් වැඩි කරන්න.
යෞවන අමාත්‍යාංශයේ හෙල්ත් අංශයේ ඉදිරිපත් කිරීමකි
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks